ISIS තර්ජනයට පියවර ගන්න: සජිත් රජයට කියයි

කොළඹට ආසන්න බෝම්බ ප්‍රහාර පිළිබඳව අනතුරු අඟවා තිබූ මාධ්‍ය වාර්තාවක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එවැනි විනාශයක් වැළැක්වීමට වහා පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

“ත්‍රස්තවාදී ප්‍රහාර වැළැක්වීමට කටයුතු කළ යුතුයි. මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පියවර ගෙන සභාවට වාර්තා කළ යුතුයි,” ඔහු අවධාරණය කළේය.

ඇතැම් වාචික ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඇමැතිවරුන්ට සති මාස අවශ්‍ය බව පවසමින් විපක්ෂය විරෝධය පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *