IMF නියෝජිතයෝ ජනපති හමුවෙති

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාව අද පෙරවරුවේ පවත්වා තිබේ.

එය මෙම නියෝජිත කණ්ඩායම පැවැත්වූ අවසන් සාකච්ඡාවය.

මෙම නියෝජිත කණ්ඩායම පසුගිය දින කිහිපය පුරා සිදු කළ සමාලෝචනයේ නිගමනයන් හෙට විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබේ.

මහ බැංකු පරිශ්‍රයේදී පැවැත්වෙන එම මාධ්‍ය හමුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් එක්වීමට නියමිතය.

මේ අතර දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් බදු ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළ බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් කටයුතු ක්‍රියාත්මක කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *