IMF කණ්ඩායම ජනාධිපති ගෝඨාභය හමුවෙයි.

ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

ඊයේ (24) කොළඹ ජනාධිපති මන්දිරයේදී මෙම හමුව සිදු විය.

කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීමට අදාළ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කිරීම සඳහා නියෝජිත පිරිස සතියක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත.

අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ඇතුළු ආර්ථික බලධාරීන් සහ විශේෂඥයින් සමඟ පැවති මූලික සාකච්ඡා වටය පිළිබඳව මෙන්ම වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ජනාධිපතිවරයා දැනුවත් කළහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ඔවුන්ගේ කැපවීම නියෝජිත පිරිස යළිත් තහවුරු කළහ.

වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළ ජනාධිපතිතුමා දුෂ්කර කාලවලදී ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය පිළිබඳව නියෝජිත පිරිස වෙත සිය කෘතඥතාව පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *