IMF සමඟ නව ගිවිසුම් නෑ

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමග නව ගිවිසුම් ඇතිකර නොගන්නා බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඊයේ සවස රුවන්වැල්ල ප්‍රදේශයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විදේශ ණය ප්‍රශස්තකරණය සඳහා මූලික අවශ්‍යතාවයක් වූ දේශීය ණය ප්‍රශස්තකරණය මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇති බවත් එබැවින් විදේශ ණය ප්‍රශස්තකරණය ද ඉක්මනින් අවසන් කළ හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *