ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය යෝජනා ක්‍රමයේ පළමු ඇගයීම සැප්තැම්බර් 14 සිට 24 දක්වා සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඊයේ පස්වරුවේ යටියන්තොට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
ඒ අනුව එම ණය වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණෙන බවත්, එහිදී සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
වැඩසටහන සාර්ථක කර ගැනීමට තමන් විශාල උත්සාහයක් ගත් බවත් පවතින තත්ත්වය හමුවේ සාකච්ඡා වටයට සාර්ථකව මුහුණ දීමට හැකි වනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
අවසන් සාකච්ඡාව බොහෝ විට ජනාධිපතිවරයා සමඟ පැවැත්වීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අවසන් සාකච්ඡාව සාර්ථකව නිමවීමෙන් පසු විස්තීරණ ණය මුදලේ දෙවන වාරිකය ලැබෙනු ඇති බවද ඔහු පැවසීය.