ICE මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමඟ කාන්තාවක් මාකොළදී අත්අඩංගුවට

සපුගස්කන්ද – මාකොළ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී ඩුබායි හි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නිරෝෂන් ශ්‍රී චමිල් අබේකෝන්ගේ සහයකයෙකු වන 43 හැවිරිදි ‘කුඩු රැජින’ යන අන්වර්ථ නාමයෙන් යුත් කාන්තාවක් ICE මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 32 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 506ක්, රුපියල් ලක්ෂ 2ක මුදලක් සහ ජංගම දුරකථනයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබේ.

තවත් මෝටර් රථයක තිබූ මෝටර් රථයක් සහ අංක තහඩු දෙකක් සහ යතුරුපැදියක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන සඳහා ඇය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *