ICC දඬුවමෙන් ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි තැනට වැටේ

පාකිස්තානයට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මන්දගාමී පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක ටෙස්ට් ශූරතා (WTC) ප්‍රසාද ලකුණු 15 ක් කපා හැරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පියවර ගෙන තිබේ.
නියමිත පන්දුවාර වේගයට වඩා පන්දුවාර පහක් අඩුවෙන් යැවීම හේතුවෙන් පාකිස්තාන කණ්ඩායමේ ද ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු 5 ක් කපා හැරීමට ICC ය දඬුවම් නියම කර ඇත.
මෙම දඬුවමේ ප්‍රතිඵලයක් ලෙස ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ හත්වන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව අටවන ස්ථානය දක්වා පහත වැටී ඇති අතර, ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු ප්‍රතිශතය 33.33% සිට 15.47% දක්වා සීඝ්රයෙන් පහළ ගොස් තිබේ.
කණ්ඩායම් නවයකින් සමන්විත ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය වන නවවන ස්ථානයේ පාකිස්තානය තවදුරටත් රැඳී සිටින අතර, ඔවුන්ගේ ප්‍රසාද ලකුණු ප්‍රතිශතය සටහන් වන්නේ 3.33% ක් ලෙසය.
වත්මන් ලෝක ටෙස්ට් ශූරතා තරග වාරය තුළ සිය ස්ථානය ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකාව තුළ පවතින බලාපොරොත්තුවලට මෙම ලකුණු කපා හැරීම දැඩි පසුබෑමක් එල්ල කර තිබේ.





