ජාතික පාපන්දු නායක සුජාන් පෙරේරා ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නායක සහ ගෝල රකින ක්‍රීඩක සුජාන් පෙරේරා වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) සඳහන් කළේ, පෙරේරා සිය තීරණය සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා වෙත යොමු කළ ලිපියක් මගින් නිල වශයෙන් දැනුම් දී ඇති බවයි.
සිය ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය පුරාම තමන්ට ලබාදුන් සහයෝගය සහ දිරිගැන්වීම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ගෝල රකින්නා එම ලිපිය මගින් පාපන්දු සම්මේලන සභාපතිවරයාට සහ සම්මේලනයට සිය කෘතඥතාව පළ කර ඇත. පෙරේරා නායකයෙකු සහ ගෝල රකින්නෙකු ලෙස දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි.
2027 මාර්තු මාසයේදී විශේෂ උපහාර උළෙලක්
මේ අතර, ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවට සුජාන් පෙරේරා සිදු කළ සේවය ඇගයීම සඳහා 2027 මාර්තු මාසයේදී කොළඹ පැවැත්වෙන ජාත්‍යන්තර පාපන්දු තරගයක් අතරතුර විශේෂ උපහාර උළෙලක් සංවිධානය කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති කාර්යාලය නිවේදනය කළේය.
විශ්‍රාම යාම පිළිබඳව පෙරේරාට සිය සුබපැතුම් එක් කළ සම්මේලන සභාපති ජස්වර් උමර් මහතා, මීළඟ පරපුරේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සමඟ සිය අත්දැකීම් හා දැනුම බෙදා ගැනීම සඳහා ගෝල රකින්නන්ගේ පුහුණුකරුවෙකු ලෙස ඉදිරියට යාම පිළිබඳව සලකා බලන ලෙස ද ඔහුගෙන් ඉල්ලා සිටියේය. ජාතික කණ්ඩායම වෙනුවෙන් ඔහු කළ කැපවූ සේවයට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ස්තූතිය පළ කර ඇති අතර ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කර තිබේ.




