රත්මලාන දුම්රිය වැඩපොළේදී සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කළ දෙවැනි S8 දුම්රිය කට්ටලය මගී සේවයට එක් කිරීමට සූදානම් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.
දුම්රිය එන්ජින් සහ මැදිරි වෙන වෙනම ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවට සම්පූර්ණ දුම්රිය කට්ටලයක්ම ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ S8-831 දුම්රිය කට්ටලය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර ඇති අතර, එය අගෝස්තු 14 වැනිදා සාර්ථක පරීක්ෂණ ධාවනයක්ද සිදු කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කළ දෙවැනි දුම්රිය කට්ටලය වන S8-830 අද (06) පරීක්ෂණ ධාවනයකටද එක් කර ඇති බව ඔහු පැවසීය.
මීට පෙර තවත් දුම්රිය කට්ටලයක් අලුත්ගම දුම්රිය අංගණයේදී ප්‍රතිසංස්කරණය කර තිබූ අතර, ඒ අනුව මෙම වසර තුළ ප්‍රතිසංස්කරණය කර යළි මගී සේවයට එක් කළ දුම්රිය සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
නවතම දුම්රිය කට්ටලය ඉදිරි කාලයේදී කොළඹ තදාසන්න දුම්රිය මාර්ගවල මගී ප්‍රවාහන සේවා සඳහා යෙදවීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.


