FairBreak T20 තරඟාවලිය සඳහා තවත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් තිදෙනෙකුට ආරාධනා

පසුගියදා මැලේසියාවේ පැවැති කාන්තා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වූ තවත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් තිදෙනකුට මේ වසරේ ඩුබායි හි පැවැත්වෙන ලොව ප්‍රථම පෞද්ගලික ආධාර යටතේ පැවැත්වෙන කාන්තා විස්සයි20 තරගාවලියට සහභාගි වන ලෙස සංවිධායකයෝ දන්වා සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මේ වන විටත් ආරාධනාව පිළිගෙන ඇති නායිකා චමරි අතපත්තු සමඟ උප නායිකා හර්ෂිතා මාදවි, උදේශිකා ප්‍රබෝධනී සහ ඕෂදී රණසිංහ ද සම්බන්ධ කරගෙන ඇත.

හොංකොං ක්‍රිකට් සංගමයේ සහයෝගීතාවයෙන් පැවැත්වීමට නියමිත කණ්ඩායම් හයක FairBreak ආරාධිත T20 තරඟාවලිය මැයි 1-15 දක්වා ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය.

මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ජයග්‍රහණය සඳහා වූ කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කෞතුකාගාරයේදී ප්‍රදර්ශනය කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *