2027 වසර සඳහා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පාසල් වාර සටහන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
අදාළ චක්‍රලේඛයට අනුව 2027 අධ්‍යයන වර්ෂය ජනවාරි 4 වැනිදා ආරම්භ වීමට නියමිතය.
සිංහල හා දෙමළ පාසල් සඳහා මෙන්ම මුස්ලිම් පාසල් සඳහාද වෙන වෙනම පාසල් වාර සටහන් නිකුත් කර ඇති අතර, වසර තුළ පැවැත්වීමට නියමිත විභාග සහ පාසල් නිවාඩුද සලකා බලා මෙම කාලසටහන සකස් කර තිබේ.
2027 වසර සඳහා අදාළ රජයේ නිවාඩු දින ලැයිස්තුවද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.





