Air India සමාගම මිලදී ගනී

ඉන්දීය ජාතික ගුවන්සේවය වන “Air India” සමාගම ටාටා සමුහයට විකුණා තිබේ.

අද (27) නිල වශයෙන් “Air India” ගුවන්සේවය ටාටා සමාගමට පවරා දුන් බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ණය කන්දරාවක ගිලී තිබූ එම ගුවන්සේවය මිලදී ගැනීමට ටාටා සමාගම ඩොලර් බිලියන 2.4ක මුදලක් ඉන්දීය රජයට ලබාදී තිබුණි.

ගෝලීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන ටාටා සමාගම, 1932දී මෙම ගුවන් සමාගම අරඹා තිබුණි.

නමුත් 1953දී එය ඉන්දීය මධ්‍යම රජයට පවරා ගැනුණි.

වාර්ෂිකව දිගින් දිගටම පාඩු ලබන එම ගුවන් සමාගමේ පාඩුව ඩොලර් බිලියන 9.5ක් පමණ වෙයි.

ටාටා සමුහයේ සභාපති නටරාජන් චන්ද්‍රසේකරන් අද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී හමුවී ඇති අතර ඉන් අනතුරුව ගුවන් සමාගම නිල වශයෙන් නැවතත් ටාටා සමූහයට බාර දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *