Aeroflot ගුවන් යානය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලංකා තානාපතිවරයා කැඳවයි

Aeroflot ගුවන් යානයක් බණ්ඩාරනායක ගුවන් තොටුපළේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපති ජනිතා අබේවික්‍රම ලියනගේ කැඳවා විරෝධය පළ කළ බව රුසියානු විදේශ අමාත්‍යාංශය පවසයි.

“ජුනි 3 වන දින රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති ජේ.ඒ. ලියනගේ රුසියානු විදේශ අමාත්‍යාංශයට කැදවා ඇත” යනුවෙන් අමාත්‍යාංශය පවසයි.

ජූනි 2 වැනිදා මොස්කව් බලා යාමට නියමිතව තිබූ Aeroflot ගුවන් යානයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකාවේ අධිකරණ බලධාරීන්ගේ පදනම් විරහිත තීරණය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානියාට විරෝධතාවක් ලැබුණු බව එහි සඳහන් වේ.

“සාම්ප්‍රදායිකව මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි ඇති වන අහිතකර බලපෑම වළක්වා ගැනීම සඳහා මෙම ගැටලුව කෙටි කාලයක් තුළ විසඳා ගන්නා ලෙස අපි ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ඉල්ලා සිටියෙමු” යනුවෙන් අමාත්‍යාංශය අවසන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *