බලශක්ති අමාත්‍යවරයා සහ ලේකම්වරයා ඉල්ලා අස්වීම නාට්‍යයක්: සමගි ජන බලවේගය

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඉල්ලා අස්වීම ගල් අඟුරු මිලදී ගැනීමේ වංචාව ජනතාවගේ මනසින් මකා දැමීම අරමුණු කරගත් නාට්‍යයක් බව සමගි ජන බලවේගයේ (SJB) නිල නිවේදනයක දැක්වේ.

“මෙම වංචාවට මුළු කැබිනට් මණ්ඩලයම වගකිව යුතුය” යනුවෙන් ද එම නිවේදනයේ සඳහන් වේ.

මෙම වංචාවට වගකිව යුතු අයට එරෙහිව සමගි ජන බලවේගය නීතිමය පියවර ගන්නා බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *