ගොවීන් ලියාපදිංචි කරයි

ගොවීන් ලියාපදිංචි කිරීමේ පද්ධතිය එළි දැක්වීමේ ජාතික වැඩසටහන FarmerNet.lk නමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්  ගොවිජන මන්දිරයේදී ජනගත කෙරිණි.

දත්ත හිඟය, තීරණ ගැනීමේ අපහසුව සහ සම්පත් නාස්තිය යන ප්‍රධාන ගැටළුවලට විසඳුම් සෙවීම සඳහා මෙතෙක් විශාල අඩුපාඩුවක්ව පැවති ගොවීන් ලියාපදිංචි කිරීමේ පද්ධතිය එළි දැක්වීමෙන් ගොවි ප්‍රජාවට සිය කාර්යයන් වෙනදා‍ට වඩා පහසුවෙන් සිදු කර ගැනීමට හැකි වේ. එමෙන්ම  කෘෂි නිලධාරීන්ට ගොවි ප්‍රජාව වෙත පහසුවෙන් අවශ්‍ය සේවාවන් සැලසීමට අවස්ථාව සැලසේ.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම වත්මන් රජයේ ප්‍රධාන රාජ්‍ය ප්‍රතිපත්තියේ එක් පියවරක් ලෙස මෙම ජාතික වැඩසටහන අද සිට ක්‍රියාත්මක වේ. බොහෝ අවස්ථාවල ගොවීන් වෙනුවෙන් යම් යම් ප්‍රතිලාභ ලබා දීමේදී විධිමත් දත්ත පද්ධතියක අඩුපාඩුව විශාල බාධාවක්ව පැවතිණි. මෙම FarmerNet.lk පද්ධතිය හරහා දිවයින පුරා විසිර සිටින සියලු ගොවීන්ගේ විස්තර එකම ස්ථානයකින් ලබා ගත හැකි වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *