රියදුරු බලපත්‍ර ලක්ෂ පහක් බෙදන්න යයි

කාඩ්පත් හිඟය හේතුවෙන් නිකුත් කිරීමට නොහැකිවූ රියැදුරු බලපත්‍ර ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් මාර්තු මාසය නිමවීමට ප්‍රථම අදාළ අයිතිකරුවන් වෙත යොමු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

දැනටමත් ලක්ෂ අටක හිස් කාඩ්පත් ප්‍රමාණයක් සපයාගෙන ඇති බැවින් මුද්‍රණ කටයුතු වේගවත් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

බලපත්‍ර ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කර අවසන්ව පවතින බවද ඔහු පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *