නීතී විරෝධිව ගෙන ආ දුම්වැටි සමඟ දෙන්නෙක් අල්ලයි

රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු  ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මොවුන් දෙදෙනා මීගමුව ප්‍රදේශයේ පදිංචි විවාහක අඹුසැමි යුවළකි. 39 හැවිරිදි සැමියා සංචාරක ව්‍යාපාරයේ ද නිරතව සිටින්නෙකි . බිරිද 29 හැවිරිදිය .

ඔවුන් දෙදෙනා 12 අලුයම 02.30 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 394 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඔවුන් දෙදෙනා විසින් රැගෙන ආ ගමන් මලු 06 ක් තුළ , විදේශීය නිෂ්පාදිත  ” ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි ලක්ෂයක් අඩගු දුම්වැටි කාටූන් 500 ක් සගවා ගෙන සිටියදී , මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *