බන්ධනාගාර දහයක් දවල් වේල දන් දෙයි

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම උදෙසා දිවයිනේ බන්ධනාගාර දහයක රැඳවියන් තම ආහාර වේලක් පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නව මැගසින් බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය, බෝගම්බර බන්ධනාගාරය, මාතර බන්ධනාගාරය, මහර බන්ධනාගාරය, කුරුවිට බන්ධනාගාරය, යාපනය බන්ධනාගාරය, මොණරාගල බන්ධනාගාරය, අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය සහ මඩකලපුව බන්ධනාගාරවල රැඳවියන් සිය ආහාරවේලක් ආපදාවට පත්වු ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *