රාජ්‍ය දේපල අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමණාකරුවකු මෙම 09 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි වත්තල අධිකරණය නියෝග කර ඇත.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ ඉන්දික රත්නමලල නමැත්තෙකි.
2011 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා කාලයේ ලංකා සතොස ආයතනයේ ප්‍රවාහන කළමනාකාරවරයා ලෙස කටයුතු කර ඇති අදාළ සැකකරු ගාල්ල ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.


