වෙනිසියුලා වැසියන්ට නොමිලේ Starlink

ඇමෙරිකන් ප්‍රහාරවලින් පසුව, වෙනිසියුලා වැසියන්ට නොමිලේ අන්තර්ජාල සේවා සැපයීමට ඊලෝන් මස්ක්ගේ Starlink පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඊලෝන් මස්ක් සඳහන් කරන්නේ වෙනිසියුලානු ජනතාවට නොමිලේ ප්‍රවේශය ලබා දීමට පියවර ගන්නා බවත්, ඔවුන්ට දැන් නිදහසේ අන්තර් ජාලයට පිවිසිය හැකි බවත්ය.

මදුරෝගේ පාලනය යටතේ වෙනිසියුලා වැසියන් අන්තර් ජාලය පරිහරණය කළේ දැඩි රෙගුලාසි යටතේය.

වෙනිසියුලාවේ අන්තර්ජාලයට රජයේ දැඩි රෙගුලාසි පැවතුණා.

මේ අතර, කැරබියන් ගුවන් කලාපය වටා පනවා ඇති ගුවන් සීමා ද ඉවත් කිරීමට පියවර ගන්නා බව ඇමෙරිකන් ප්‍රවාහන ලේකම් ෂෝන් ඩෆි නිවේදනය කර ඇත.

ඇමෙරිකාව ඊයේ (2) වෙනිසියුලාවට පහර දෙද්දී කැරිබියානු දූපත් බොහොමයක ගුවන් ගමන් නවතා දැමීම සිදුවිය. ගුවන් යානා ගුයන්ගත නොවීම හේතුවෙන් මගීන් දහස් ගණනක් දැඩි අපහසුතාවට පත්වුණු බව ද පැවැසිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *