“රටේ ආහාර හිඟයක් ඇති වෙන්න ඉඩ තියන්නෙ නෑ” – නාමල්

රටේ ආහාර හිඟයක් ඇති වීමට කිසිසේත්ම  ඉඩ නොතබන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා  පැවැසීය

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් කෘෂිකර්මාන්තයට සිදුවු හානි යළි යථා තත්වයට පත් කිරීම සඳහා ගොවී ජනතාව මෙන්ම නිලධාරීන්ද කටයුතු කරමින් සිටින බව ඔහු කීය

නාමල් කරුණාරත්න මහතා මෙසේද පැවැසීය

“සමහර අය සතුටින් බලාගෙන ඉන්නවා ඉදිරියේදී ආහාර හිඟයක් අැතිවේවි කියලා. ඒ අයට ප්‍රකාශ කරන්න කැමතියි කාලකන්නි සතුට ඔබට භුක්ති විඳින්න අපි කිසි ඉඩක් තබන්නේ නැත. හාල් හිඟයක් එන්න විදිහක් නෑ. මම යනවා කොබෙයිගනේ ඇතුළේ ගම්මානවලට. එතන හිටියා තුන්සීයක විතර ජනතාවක්. ඒ ජනතාව කෑගහලා කිව්වා ඊයේ හවස  ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කිව්ව විදියට  අද අපිට විසි පන්දාහ හම්බවුණා කියලා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *