ජෙයශන්කර්-හරිනි හමුවක්

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජෙයශන්කර් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය  අතර හමුවක් කොළඹ අරලියගහ මන්දිරයේදී  සිදුවිය.

ශ්‍රී ලංකාව මුහුණදුන් ආපදාවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු වල වත්මන් තත්වය කෙරෙහි මෙහිදී  මූලික අවධානය යොමු වූ අතර, දුම්රිය මාර්ග සහ පාලම් නැවත ගොඩනැගීම, කෘෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා සහාය වීමට ඉන්දියාව සූදානමින් සිටින බව ජෙයශන්කර් මහතා මෙහිදී අවධාරණය කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයකු ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට සංචාරයේ නිරත වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *