ආපදා අයට ජංගම සුව සායන අරඹයි

ආපදාවට ලක්වූ ජනතාව ලැගුම් ගෙන සුරක්ෂා මධ්‍යස්ථාන ආශ්‍රිතව සුවිශේෂී “ආරෝග්‍යා” ජංගම සුව සායන මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අරඹා තිබේ.

ජාතික විද්වත් සංවිධානය, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව නියෝජනය කරමින් වෛද්‍ය සිසුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම ජංගම කදවුරු මාලාව පැවැත්වේ.

මේ යටතේ පැවැත්වූ “ආරෝග්‍යා” ජංගම සුව සායන කිහිපයක්  මල්වාන, කැළණිය, කඩුවෙල, යන ප්‍රදේශයන්හි ස්ථාපිත කර ඇති  සුරක්ෂා මධ්‍යස්ථාන කේන්ද්‍රකර ගනිමින් පැවැත්විණි.

ජලය බැස නොගිය ප්‍රදේශ වලට බෝට්ටු වලින් සහ විශේෂ රථවලින් ගොස් ප්‍රතිකාර කිරීම සහ වෛද්‍ය උපදෙස් ලබා දීමට වෛද්‍ය නිලධාරීන් ප්‍රමුඛ සෞඛ්‍ය වෘත්තියන් කටයුතු කර තිබුණි.

මෙම “ආරෝග්‍යා” ජංගම සුව සායන මාලාව සදහා කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම කොළඹ අවට රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන වල සේවයේ නියුතු කාර්ය මණ්ඩලය මෙම කාර්ය සදහා  දායකත්වය ලබා දී තිබුණි.

රෝගීන්ට අවශ්‍යවන ඖෂධ ලබා දීමට ද මෙහිදී කටයුතු කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *