159 ෆේල්- අනුර දැනට පාස්

159 නම් අදාළම නෑ.ඔවුන් ෆේල්.ඒක තමයි අනුර කුමාර මහත්තයත් තනියෙන් එල්ලිලා මේකෙ සටන් කරන්නේ.ඒ එතුමා දැනට මිනිස්සු අතර පාස් නිසා වෙන්න ඕන යැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

“ඉදිරියේදී  අපි ඇත්ත එළි කරන විට ජනතාවට ඇත්ත තේරේවි යැයි හරීන් ප්‍රනාන්දු මහතා කීය.

කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී හරීන් ප්‍රනාන්දු  මහතා මේ බව සඳහන් කළේය.

“එක්සත් ජාතික පක්ෂය මෙතන හිට ගත්තේ ඇයි කියා සමාජ මාධ්‍යයේ කැළඹීමක් ඇතිවී තිබෙනවා. ආණ්ඩුවට විරුද්ධව හදන බලවේගයක් සමග හිට ගන්න අප ඕනෑම මොහොතක සූදානම්.අභියෝග හමුවේ එකට සිට ගැනීම එක්සත් ජාතික පක්ෂයේ එදා සිටම ස්ථාවරයයි.

නිදහස ලබා ගැනීමේ සිට ලංකාවේ ප්‍රශ්නයක් තිබෙන සෑම මොහොතකම එක්සත් ජාතික පක්ෂය ඒ වෙනුවෙන් පෙනී සිටියා” යනුවෙන්ද හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *