“මාධ්‍යවේදී ඝාතන ෆයිල් යළි අරිනවා” – ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිනී

යට ගැසූ ඝාතන මාධ්‍යවේදී ඝාතන ෆයිල් නැවත විවෘත කර ඒවාට නිසි සාධාරණය කරන බවට ජාතික ජන බලවේගය දුන්  පොරොන්දුව අභියෝග මැද ඉටුකරන බව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිනී ආචාර්ය  කෞශල්‍යා ආරියරත්න මෙනවිය පාර්ලිමේන්තුවේ දී කීවාය.

“ජනමාධ්‍ය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය පිළිබිඹුවක්.ඒ වගේම ජනමාධ්‍යවේදින් ඝාතනයට,හිංසනයට ලක්වූ ඉතිහාසය අපට අමතක කරන්නට බැහැ.

මාධ්‍යවේදීන්ට සිදුවූ අපරාද ගැන සොයන්නට කිසිදු රජයකට සැබෑ වුවමනාවක් තිබුණේ නැහැ.යහපාලන රජයට ඒ සඳහා ලොකු ජනවරමක් ලැබුණත් ඒ අවස්ථාවත් මගහැරී ගියා.දැන් අපට අභියෝගයක් ලෙස තිබෙන්නේ අවුරුදු විසි තිස් ගණන් පරණ සිදුවීම් ඝාතනය වල සාක්ෂි බහුල ලෙස විනාශ වී තිබීමයි.මේ යට ගැසූ ඝාතන ෆයිල් නැවත විවෘත කර ඒවාට නිසි සාධාරණය කරන බවට අප පොරොන්දුවක් ලබා දී තිබෙනවා.ඒ පොරොන්දු අනුව අප ඒ සොයා බැලීම් කරනවා.අභියෝග මැද අපේ වැඩේ කරනවා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *