කඩුගන්නාවෙන් තවත් සිරුරක් හමුවේ

පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නිවසක් සහ තේ කඩයක් මතට කඩාවැටුණු විශාල ගල් පර්වතය යටව සිටි තවත් අයකු මියගොස් සිටියේදී සොයාගත් බව පොලිසිය කියයි. මේ වන විට මෙම සිද්ධියෙන් හය දෙනකු මියගොස් ඇත.

මේ අතර එම  කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිටින පිරිස් මුදවා ගැනීමට යුද හමුදාව, පොලිසිය, ආපදා කළමනාකරණ ඒකකය සහ ප්‍රදේශවාසීහු එක්ව එම පිරිස මුදවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූහ.

මෙම සිද්ධියෙන් මේ වන විට හය දෙනකු මියගොස් තවත් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *