සරසවි සිසුන්ට මත්කුඩු අලෙවිකළ දෙන්නෙකු අල්ලයි

සරසවි සිසුන් කිහිපදෙනෙක්ට හා සුළු සේවකයින් කිහිප දෙනෙකුට හෙරොයින් මත්කුඩු ලබාදීම සඳහා පැමිණි පුද්ගලයන්  දෙදෙනෙකු  හෙරෝයින් මත්ද්‍රව්‍ය සමඟ  අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි.

සරසවියෙ  පිරිමි නේවාසිකාගාරයක් ආසන්නයේ සැකකටයුතු අන්දමින් සැරිසරන පුද්ගලයෙකු සිටින බවට ලද රහසිගත තොරතුරක් ඔස්සේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

සරසවිය තුළ සිටි සැකකරු ඉතා දීර්ඝ කාලයක් තිස්සේ සරසවි සිසුන්ට මත්ද්‍රව්‍ය ලබා දී ඇති බවත් මොහුට මාර්ගයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් අනෙක් සැකකාර පුද්ගලයා විසින් සිසුන්ට ලබාදීම සඳහා මත්ද්‍රව්‍ය රැගෙන විත් දෙන බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය කර ගත් බවත් පොලිසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *