අල්ලේ සඟවාගෙන යා හැකි ගිනි අවියක් සමඟ අයෙක් දැලේ

මෙතෙක් ආරක්ෂක අංශවලද නොමැති   අල්ලේ සඟවාගෙන යා හැකි අඟල් 6 ක් පමණ දිගැති කුඩා ගිනි අවියක් සමග ව්‍යාපාරිකයෙකු මීගමුව කුරණ ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

බෙල්ජියම රටේ නිෂ්පාදිතය එය බ්‍රව්නින් වර්ගයේ පිස්තෝල ගිනි අවියකි.

මෝටර් රථ අමතර කොටස් අලෙවි කරන මීගමුව කුරන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සන්තකයේ ගිනි අවියක් තිබෙන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් මහතාට ලද තොරතුරකට අනුව  සැකකරුගේ නිවස වටලා කාමරයේ සඟවා තිබූ මෙම ගිනි අවිය සොයා ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයාගෙන් මෙම ගිනි අවිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මිය ගිය පියාගෙන් මෙය ලද බවත්, අනාවරණය කළ බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයා 44 හැවිරිදි පුද්ගලයෙකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *