ඉන්දියාව එක්ක අත්සන් තැබූ ගිවිසුමේ පිටපතක් දෙන්න

ඉන්දියාව සමඟ ආණ්ඩුව අත්සන් කරන ලද ගිවිසුමේ පිටපතක් හැකි නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා:-(ස.ජ.බ) මාර්ලිමේන්තුවේදී පැවසීය.

සමහරු බදු එකතු කරලා භාණ්ඩාගාරය පුරවනවා පෙන්නලා හොරා කෑවා.ඒක එක ක්‍රමයක්.ඔයාලා ඒක එදා විවේචනය කළා.දැන් භාණ්ඩාගාරය පුරවල හොරා කනවා.එතකොට හොරා කනවා කියලා පේන්නේ නෑ.ඒක තමයි එන්.පී.පී එකේ හොරා කෑම.නූතන නවීන පන්නයේ අලුත්ම හොරා කෑම එයයි.ඇත්තම හැත්ත අවුරුදු සාපය කවුද කියලා දකින්න පුළුවන් එක පියවරක් තමයි මේ අයවැය ලේඛනය.එදා ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වෙච්ච ඔබලා අවුලපු ඒ ගින්නේ ප්‍රතිඵලය වෙනුවෙන් මියැදිච්ච විරුවන් සැමරූ වෙලාවේ මම මේ ඉල්ලීම මම කරනවා.ඔබ ආණ්ඩුව අරගෙන ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ පිටපතක් හැකිනම් අපට පෙන්නන්න.ඔයාලා ඉන්දියාවට විකුණන්නෙ මොනවද කියලා කියන්න යනුවෙන්ද චමින්ද විජේසිරි මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *