හරක්කටාගේ නඩුවකට දින දෙයි

මීතොටමුල්ලේ නිවසකට කඩා පැන රුපියල් 26,000 මුදලක් සහ ත්‍රීරෝද රථයක් හා කොල්ලකෑ බවට පාතාල අපරාධකරුවකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට එරෙහි වැඩිදුර නඩු විභාගය ඔක්තෝබර් මස 29 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය  තීරණය කළාය.

නඩුව කැඳවු අවස්ථාවේදී පැමිණීල්ලේ සාක්කිකරුවන් දෙදෙනකුගේ සාක්කි සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩදුර සාක්කි සටහන් කරගැනීම මෙලෙස කල් තබන ලදී.

නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකාර නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා විශේෂ ආරක්‍ෂාව යටතේ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනා සාක්කි දුන්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *