ගම්මන්පිලගෙන් රිට් පෙත්සමක්

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව තමන් මාධ්‍යයට කළ ප්‍රකාශයකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඊයේ(01) ගොනු කළේය.

හිටපු අමාත්‍යවරයා විසින් ගොනුකොට ඇති මෙම රිට් පෙත්සම උත්තරකරුවන් වශයෙන් ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසන් නම් කරනු ලැබ සිටිති.

තරුණයකු අතුරුදහන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අත්අඩංගුවට ගැනීම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු 25 වන දින මාධ්‍ය හමුවක් පවත්වා ගන්න තමන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ බවද එහිදී හිටපු කොටි නායකයෙකු විසින් ගොතන ලද ප්‍රකාශයක් මත හිටපු හමුදාපතිරයා අත්අඩංගුවට ගන්නා ලදයි ප්‍රකාශ කරන ලද බවද පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *