සමූහ මිනී වළවල් ගැන ස්වාධීන පරික්ෂණයක් ඉල්ලයි

මෙරටින් සොයා ගෙන ඇති සමූහ මිනී වළවල් සම්බන්ධයෙන් විශ්වසනීය, විනිවිදභාවයෙන් යුත්, ස්වාධීන පරීක්ෂණයක් වහාම අවශ්‍ය බවත් සමූහ මිනීවළවලින් ගොඩගෙන ඇති ඇටසැකිලි සහ පෞද්ගලික බඩුබාහිර ආදියෙන් මෙරට මානව හිමිකම් අතීතයේ දී දරුණු ලෙස උල්ලංඝනය වී ඇති ආකාරය මතක් කර දෙන බවත් මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

තවමත් පසුගිය කාලෙය් දී බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූ ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකට අත්වූ ඉරණම පිළිබඳව කිසිඳු තොරතුරක් නොමැති බවත් නිශ්ශබ්දතාව, ක්‍රියාමාර්ග නොගැනීම සහ බලය භාවිත කළ මානව හිමිකම් කඩකළ පුද්ගලයන් දඬුවම්වලින් පලා යාම හේතුවෙන් දහස් ගණනක් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් ශ්‍රී ලංකාවට ඇති වූ තුවාලය තවමත් සුවවී නොමැති බවත් ෆ්‍රැන්චේ මහතා පැවැසුවේය.

තම ආදරණීයයන්ට අත්වූ ඉරණම පිළිබඳව කිසිම තොරතුරක් නොලැබීම හේතුවෙන් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූවන්ගේ පවුල් විඳින වේදනාව කාලයට සුවපත් කළ නොහැකි බවත් සත්‍ය සහ යුක්තිය ප්‍රමාද වීමෙන් එම වේදනාව තවත් වැඩිවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *