ඉන්ධන මිලෙහි පොඩි වෙනසක්

ඔක්ටේන් 92 පැට්‍රල් ලීටරයක් රුපියල් හයකින්ද ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් හයකින්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමා ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්ටලීටරයක නව මිල 299 ක්ද ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 283ක් වේ.

රුපියල් 340 ක් ලෙස පැවති ඔක්කේන 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස් වී නොමැත.

එසේම සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් දොළහකින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 313 කි.

කෙසේ වෙතත් ලංකා භූමි තෙල් මිලෙහි වෙනසක් සිදුවී නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *