දෛනික සෝදිසි මෙහෙයුමෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීම අරමුණු කරගෙන දෛනිකව විශාල මෙහෙයුම් සංඛ්‍යාවක් දිවයින පුරා සිදු කෙරෙමින් පවතී.

එකී මෙහෙයුම් ශ‍්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිවිධ හමුදාව එක්ව මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කරමින් පවතින අරත, එකී දෛනික මෙහෙයුම් මාලාවේ තවත් අදියරක් ඊයේ (19) දිනයේදීද පැවැත්විණි.

ඊයේ දිනයේදී ශ‍්‍රී ලංකා පොලීසියේත්, පොලිස් විශේෂ කාර්ය බලකායේත් ත‍්‍රිවිධ හමුදාවේත් 6,782 දෙනෙකු සම්බන්ධ වී මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කර ඇත.

එහිදී පුද්ගලයන් 26,560 දෙනෙකු පරීක්ෂාවට ලක් කෙරුණු අතර වාහන 11,053 ක්ද යතුරු පැදි 8,444 ක ප‍්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර තිබේ.

එකී වැටලීම්වලදී මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 989 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාදවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 18 දෙනෙකුද වරෙන්තුකරුවන් 528 දෙනෙකුද අත්අඩංගුවට පත්ව ඇත.

විශේෂයෙන්ම දිවයින පුරා සිදු කරන ලද මෙකී මෙහෙයුම්වලදී හෙරොයින් ග‍්‍රෑම් 674 මිලිග‍්‍රෑම් 959ක ප‍්‍රමාණයක්ද, අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 193 මිලිග‍්‍රෑම් 116ක ප‍්‍රමාණයක්ද ගංජා කිලෝ 52 ග‍්‍රෑම් 714ක ප‍්‍රමාණයක්ද අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

එකී මෙහෙයුම් තුළදී නීති විරෝධී ගිනි අවි 01 ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *