ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කළේය.

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත අගෝස්තු මස 06 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඒ අනුව, මෙම ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත 2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත ලෙස බලාත්මක වනු ඇත.

බලශක්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සකස් කිරීමට විධිවිධාන සැලැස්වීම මෙම පනතේ අරමුණ වේ.

මෙම පනත මඟින් “ජාතික විදුලිබල උපදේශක සභාව” වෙනුවට “බලශක්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ජාතික විදුලිබල ප්‍රතිපත්තිය” සකස් කිරීමට විධිවිධාන සලසයි.

එමෙන්ම, “තොග විදුලිබල වෙළෙඳපොළ” යන්න “ජාතික විදුලිබල වෙළෙඳපොළ” ලෙස වෙනස් කර ඇති අතර, කාර්යක්ෂම සහ පිරිමැසුම්දායක විදුලිබල සැපයුමක් අඛණ්ඩව පවත්වාගෙන යාම, හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සහ පුනර්ජණනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම මෙම පනතේ ප්‍රධාන අරමුණු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *