ලෝක ජනගහන අරමුදලේ මෙරට නියෝජිත සෞඛ්‍ය ඇමති හමුවේ

ධූර කාලය අවසන් කරන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා (Mr. Kunle Adeniyi)  සහ  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර  හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ගත කළ වසර තුන හමාරක කාලය තුළ මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව, රෝහල් පද්ධතිය වැඩිදියුණු කිරීම සදහා අවශ්‍ය සහාය මෙන්ම සෞඛ්‍ය සැලසුම් හා ව්‍යාපෘති සදහා අවශ්‍ය වන සහාය ද නිබදවම සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දුන් බව කුන්ලේ ඇඩෙනියි මහතා මෙහිදී  පැවසීය.

වත්මන් රජය මෙරට සෞඛ්‍ය අංශය ඇතුළු අනෙකුත් අංශ ඩිජිටල්කරණය කිරීමට පියවර ගැනීම වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරන බවත්, එය  විශේෂ ඇගයීමකට ලක්කල යුතු බවත් කී කුන්ලේ ඇඩෙනියි මහතා මෙරට සේවය කළ කාලය තුළ තමන් අත්දැකීම් සමුදායක් ලබා ගත් බව  පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *