ඖෂධ ගැන ලොකුම කමිටු දෙකකට සාමාජිකයන් පත් කරයි

ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ක්‍රියාත්මකවන ජාතික ඖෂධ පිළිබඳ උපදේශන කමිටුවට සහ ඖෂධ පිළිබඳ ජාතික අභියාචනා කමිටුව සඳහා නව සාමාජිකයින් පත් කර තිබේ.

ඖෂධ පිළිබඳ ජාතික අභියාචනා කමිටු සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ හිටපු විනිසුරු විජිත් මළල්ගොඩ මහතා ද, ඖෂධ පිළිබඳ ජාතික උපදේශන කමිටු සභාපති ලෙස මහාචාර්ය ලාල් ජයකොඩි මහතා ද පත් කරනු ලැබ සිටිති.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මේ පත් කිරීම් සිදු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *