“ආණ්ඩුවට බැඳීමක් තියෙන්නෙ ජනතාව එක්ක විතරයි” – ජනාධිපති

රට ගොඩනැගීම සඳහා ආණ්ඩුවට බැඳීමක් තිබෙන්නේ ජනතාව සමග පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

වර්තමානයේ ශ්‍රී ලංකා ආණ්ඩුව අදූෂිත නිසා ආයෝජකයන්ගේ ආකර්ෂණය වැඩිවී තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා කීය.

කැකිරාවේ  ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූයේ මින් පසුව සහල් හිඟයක් ඇතිවීමට ඉඩ තබන්නේ නැති අතර වී වලට සහතික මිලක් සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබාදීමට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *