ගල්කිස්ස ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

ගල්කිස්ස බඩෝවිට සිරිපාල මාවතේ දි  පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර පලා ගොස් සැඟව සිටි වෙඩික්කරු දින 6 කට පසු බියගම මල්වාන ප්‍රදීපගම පාරේ බෝඩිම් කාමරයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි

අත්අඩංගුවට ගත් සැකකරු 2008 වසරේ සිට හමුදා සෙබලෙකු ලෙස සේවය කර  වසර 4 කට පසු සේවයෙන් ඉවත් වූ අයෙක් බව පොලිසිය සඳහන් කරයි

සැකකරු සන්තකයේ ඝාතනයේ සැලසුම්  කිරීමට යොදාගත් “ෆැංගි සුදුමල්ලී” නැමැති මෘදුකාංගය  (app එක) අඩංගුව තිබූ ජංගම දුරකථනය , බැංකු පොතක් සහ ඒ.ටී.එම් කාඩ් පතක්  සිම්පතක් මෙන්න ඝාතනය සිදුවූ දින සෙබලා හැඳ සිටින්න ඇඳුම් පැළඳුම් ද පොලිස් භාරයට ගෙන ඇත

එම වෙඩි තැබීමට පැමිණි පැදිකරු ඒ මොහොතේම දෙහිවල පොලිසිය මගින් ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *