අයුතු ලෙස උපයාගත් ධනය ඕනෑම රටක තිබේනම් ඔප්පු කරන්න

රාජපක්ෂවරු අයුතු ලෙස උපයාගත් වත්කමක් ලොව ඕනෑම තැනක තිබෙන බවට ඔප්පූ කරන්නේ නම් ලෝකයේ ඕනෑම අධිකරණයක් හමුවේ පෙනී සිටීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ෆයිල් මිටි හංගාගෙන නොසිට ඒවා ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කරන ඒ මහතා හැකි නම් අයුතු ලෙස උපයා ගත්තා යැයි පවසන වත්කම් හෙළි කරන්නැයි අභියෝග කරයි.

2024 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් රත්නපුර නගරයේ දී  (17) පස්වරුවේ පැවැති ජනහමුවට එක්වෙමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජන හමුව පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *