අස්කරල කියලා මට කිව්වෙ නෑ

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමා මහ ලේකම් ධුරයෙන් ඉවත් කර ඇතැයි මේ වනතෙක් නිල දැනුම් දීමක් කර නැති බව පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

තමා මන්ත්‍රී ධුරයකට සහ යම් මුදලකට විකිණී ඇති බවට විවිධ චෝදනා එල්ල වී ඇති බවත් එම සියලු චෝදනාවලට නුදුරේදී පිළිතුරු ලබාදීමට බලාපොරොත්තු වෙන බවත් රංගෙ බණ්ඩාර මහතා කීය.

තමා සහ පවුලේ උදවිය නිරන්තරයෙන් දේශපාලන පළිගැනීමට ලක් වූ බව කී රංගෙ බණ්ඩාර මහතා දරුවන්ගෙන් පළිගනිමින් ම්ලේච්ඡත්වය ප්‍රදර්ශනය නොකරන ලෙස වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයිද කීය.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවකදී රංගෙ බණ්ඩාර මහතා  මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *