inflation

උද්ධමනය සියයට 0.5ක් දක්වා අඩුවෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය අගෝස්තු මාස සියයට 0.5 ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ජූලි මාස උද්ධමනය සියයට 2.4 ක්ව පැවැති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අගෝස්තු මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 0.8 ක් දක්වා  අඩු වී ඇති  බවත් එය පසුගිය ජූලි මාසයේ සියයට 1.5 ක  පැවැති බවත් එම දෙපාර්තමේන්තුව කීය.

ආහාර නොවන කාණ්ඩයේ අගෝස්තු මස උද්ධමනය සියයට  0.4 ක් දක්වා අඩු වී ඇති බව කියන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එය ජූලි මාස සියයට 2.8 ක් ලෙස වාර්තා වූ බව ද සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *