රිෂාඩ්ගේ තීරණයට පක්ෂයේ ජාතික සංවිධායක විරුද්ධ වේ

මෙවර ජනාධිපතිවරණයේදී සමස්ථ ලංකා මහජන කොංග්‍රසය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළත් තමන් එම තීරණයට එකඟ නැතැයි එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අබ්දුල්ලා මහරුප් මහතා පැවසීය.

ඔහු මෙසේ ද පැවැසීය.

තමන්ගේ මෙම තීරණය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යූදීන් මහතාට දැනුම් දුන්නා. මෙම තීරණය අලුත් දෙයක් නොවෙයි.

තම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කිරීමට පෙර මෙම දැනුම් දීම සිදුකළ බව ද ජාතික සංවිධායකවරයා කීහ.

මගේ ආධාරකරුවන් සීයට අනූපහක් මාස හයක් තිස්සේ කියනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න ඕන කියලා. එහෙම තියෙද්දි මම කොහොමද සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන්නේ.

අනික් එක අපි බලන්න ඕන ආර්ථික අර්බුදයට ලක්වෙලා තිබුණු වෙලාවේ තෙල් පෝලිම් සහ ගෑස් පෝලිම් යුගය නැති කරලා රට ගොඩ ගත්තේ කවුද කියලා ඒ අර්බුදයට අපි ආයි යනවද කියන එක අපි බලන්න ඕන. සජිත්ට සහාය පළ කරලා සජිත් බලයට ආවොත් නැවත වෙන්නේ රට ආර්ථික වශයෙන් අරාජික වෙන එක විතරයි යැයි ජාතික සංවිධායකවරයා තවදුරටත් පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *