විමලසුරේන්ද්‍ර වාන් දමයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන වැසි සමඟ විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගෙන තිබේ.

මේ අතර  කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටම ආසන්න වෙමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසූහ.

පවතින වර්ෂාවත් සමඟ ප්‍රදේශය පුරා අදුරු කාලගුණ තත්ත්වයක් පවති.වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය, හැටන් කොළඹ සහ අතුරු මාර්ග ලිස්සන සුළු බැවින් එම මාර්ග වල රථ වාහන ධාවනයේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *