’’උරුමය’’ යනු විශාලම පෞද්ගලීකරණයයි

උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම කෘෂි නවීකරණ වැඩපිළිවෙළේ ආරම්භක අවස්ථාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කෘෂි නවීකරණ වැඩසටහන යටතේ ඉදිරි වසර තුනේ නවීන කෘෂිකර්මාන්තය ගමට ගෙන යාමට කටයුතු කරන බවත්, නවීන තාක්ෂණය භාවිතයෙන් නිෂ්පාදන වැඩි කර ගනිමින් ආදායම් ඉහළ නංවා ගැනීමට  ජනතාවට අවස්ථාව උදාවන බවත් ජනාධිපතිවරයා  සඳහන් කළේය.

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය  ලබාදීම යනු රජය සතු දේපල පුද්ගලීකරණය කිරීමක් බවත් එය රටේ ආර්ථිකය නංවාලීම සඳහා සෘජුව දායක කර ගත හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

“උරුමය ” වැඩසටහන යටතේ වවුනියාව හා මන්නාරම  දිස්ත්‍රික්ක වලට සින්නක්කර ඔප්පු 5400ක් ලබාදීමට නියමිත අතර එහි පළමු අදියර යටතේ මෙම ඔප්පු ප්‍රදානය සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *