අධික සුළං තත්ත්වය හේතුවෙන් සතියක කාලයක් තුළ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ගස් කඩා වැටීම් 59 ක් වාර්තා වී ඇතැයි කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසුවාය.
ඉන් ගස් කඩා වැටීමේ සිද්ධි දහනමයක්ම වාර්තා වී ඇත්තේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයෙන් බවත් ඇය සඳහන් කළාය.
අනෙකුත් ගස් කඩා වැටීම් බොහෝමයක් ප්‍රධාන මාර්ග ආශ්‍රිතව සිදුව ඇති බවත් නාගරික කොමසාරිස්වරිය පැවසුවාය.
කොළඹ නගර සභාව, ආරක්ෂක අංශවල සහය ඇතිව එම ගස් ඉවත් කිරීමේ කටයුතු සිදුකරගෙන යන බවත් ඇය සඳහන් කළාය.
කොළඹ ප්‍රදේශයේ කඩාවැටුණු ගස්වලින් බොහෝ සංඛ්‍යාවක් අවදානම් තත්ත්වය නොතිබූ ඒවා බවත් ජයවර්ධන මහත්මිය කීවාය.
එම ගස්වලින් බොහෝ සංඛ්‍යාවක් තද සුළං හේතුවෙන් මුලින් ඉදිරී ගොස් කඩා වැටි අතර මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කර ඇති බවත් නාගරික කොමසාරිස්වරිය පැවසුවාය.
වසර 50 ත් 150 ත් අතර පැරණි ගස් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් අවදානම් තත්ත්වයේ තිබූ බවත් එම ගස්වල බොහෝ ප්‍රමාණයක කඳ දිරායාම හේතුවෙන් ගස් සියයට අධික සංඛ්‍යාවක් කපා ඉවත් කිරීමට පියවර ගත් බවත් ඇය සඳහන් කළාය.