පාඨලි – කොමියුනිස්ට් පක්ෂය හමුවෙයි

පාඨලි චම්පික රණවක මහතා නායකත්වය දරණ එක්සත් ජනරජ පෙරමුණ  සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අතර සාකච්ඡාවක් කොළඹ, කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී  පැවැත්විණි.

එහිදී එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්‘ ප්‍රකාශණය කොමියුනිස්ට් පක්ෂයට පිරිනැමීය.

කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එහි සභාපති, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර, ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, නියෝජ්‍ය සංවිධායක විල්ෆ්‍රඩ් ජයසිංහ යන මහත්වරුන් ද,  එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, දේශපාලන මණ්ඩල සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන, තරුණ අංශයේ සභාපති තීක්ෂණ ගම්මන්පිල යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *