අතුරුදන් වූ ‘විහාර දුව,හන්සිළු පුතා‘ යාත්‍රාව – ධීවරයින් හමුවෙයි

කන්දකුලිය ධීවර තොටුපලින් මුහුදු ගොස් අතරමංව සිටි ධීවරයින් තිදෙනා හා යාත්‍රාව සොයා ගිය කන්දකුලිය ධීවර යාත්‍රාවට දින දෙකකට පසු හමුව ඇති අතර මොවුන් ගොඩබිමට රැගෙන එන ලදි.

මෙලෙස සොයා ගැනිමට හැකිව තිබුනේ ඩබ්ලියු.නොයල් ඇන්ටනී,සුදේෂ් සුසන්ත ,ප්‍රසාද් නිරංජන් නැමති අවුරුදු 37,25 වයස් වල පසුවු ධීවරයින් තිදෙනෙකී.

මෙම ධීවරයින් තිදෙනා 6 දින දහවල් කන්දකුලිය ධීවර තොටුපලින් බිලි කොකු මසුන් (ලෝන් රැකියාව) පිටත්ව ගොස් තිබුනී.

එසේ රැකියාවට ගොස් සිටියදී මෙම පිරිස රැකියාවේ නිරත වු යාතාවේ එන්ජීමේ සිදුවු කාර්මික දෝශයකින් පසු නැවත ගොඩ බිමට ඒමට නොහැකිව අසරණව මුහුද මැද රැදි සිටි බවත් මෙසේ මුහුදු ගොස් අතරමංව තිබුනේ කන්දකුලිය වෙරළින් මුහුදු ගොස් සිටි විහාර දුව හා හංසිළු පුතා නැමති යාත්‍රාවකී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *