ගෝඨාගේ පොතට ලොකු පෝලිමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නමැති ග්‍රන්ථයේ මුල් තොගය සම්පූර්ණයෙන්ම විකිණී අවසන්වූ බව  විජිත යාපා පොත් ප්‍රකාශක ආයතනයේ සභාපති විජිත යාපා  මහතා පැවසීය.

විවිධ තරාතිරම්වල පුද්ගලයන් තම පොත්හල්වලින් එම ග්‍රන්ථය මිලදී ගත් බවත් ඉන් වැඩි පිරිසක් මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයන් බවත් හෙතෙම සඳහන් කළේය.

තම ආයතනය එම ග්‍රන්ථයේ ප්‍රධාන බෙදා හැරීම්කරු බව  පැවසූ යාපා මහතා  මුද්‍රණය කෙරුණු තවත් පොත් තොගයක්  බෙදා හැරීම සඳහා අද(9) රැගෙන එන බවද ප්‍රකාශ කළේය.

එම පොත මිලදී ගැනීමට දිවයින පුරා පොත් හල්වලින්  විශාල වශයෙන් ඇණවුම් ලැබී ඇති බවද ඔහු කීවේය.

” පොතට ලොකු ඉල්ලුමක් තියෙනවා.හිතුවට වඩා  වේගයෙන් විකිණෙනවා.”යැයිද විජිත යාපා මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *