කෙහෙළියට සනීපද?

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට දැන් සනීපදැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විවෘත අධිකරණයේදී ඔහුගේ නීතීඥවරයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී අධිකරණයේ රැස්ව සිටි සියළු දෙනා සිනා සුනහ.

තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කොට එම දුරකතන බිල ලෙස රුපියල් ලක්‍ෂ 2 1/4කට අධික මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ ‘දූෂණය’ වරද කළ බවට චෝදනා කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහත්වරුන්ට එරෙහි නඩුව කැඳවු අවස්ථාවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තාට පාර්ලිමෙන්තු යෑමට ඇතැයි කියමින් ඔහුගේ නීතීඥවරයා ඉල්ලීමක් කළ අවස්ථාවේදී රෝගී බව පවසමින් පසුගිය අවස්ථාවේ උසාවියට නොපැමිණී ඔහු ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දෙමින් විනිසුරුවරයා එලෙස ප්‍රශ්න කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *